‘පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි”, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

”විදේශගතව වසර කිහිපයක් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් 25,000ක් වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උද්ගතව තිබෙන ආර්ථික අහේනිය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණකැයි රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද(29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය