ඇවට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඔවුන්ට එරෙහි අල්ලස් චෝදනාවෙන් ජූලි 27 වනදා මහාධිකරණය විසින් නිදහස් කලද, ඔවුනට එරෙහිව යළි නඩු පැවරිය හැකි බව සතිඅන්ත “අනිද්දා” පුවත්පත වාර්තා කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අධිචෝදනා පත්‍රයට අත්සන් නොකලාය යන තාක්ෂණික කරුණ මත කොමිසම විසින් අධිචෝදනා ඉල්ලා අස්කරගෙන ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලස් මුදලක් ලබාදීම සහ ලබා ගැනීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබුණි.

යළි නඩු පැවරීමේ අයිතිය තබාගනිමිබ් අධි චෝදනා ඉල්ලා අස්කරගැනීම සිදුකර ඇති අතර ඒ අනුව ඔවුන්ට නියමිත අත්සන් සහිතව නැවත නඩු පැවරීමට හැකියාව ඇත.