කොළඹ දකුණු වරායේ පාලනය හිමි චීන සමාගම ඉදිරිපත් කරන ලද ස්වේච්ඡා යෝජනාවක් අනුව කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක භූමියක් එම සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ චීන සමාගමේ එම යෝජනාව ඇගයීමට සාකච්ජා සම්මුති කමිටුවක් පත්කිරීමටය.

කොළඹ දකුණු වරාය කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම යනුවෙන් හදුන්වන අතර. එහි 85ක කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග් සමාගමටය.ඔවුහු ඉදිකර පවත්වාගෙන ගොස් බාරදීමේ පදනම යටතේ වසර 35ක කාලයකට එහි අයිතිය දරති.

-ඉදුවර බණ්ඩාර (අනිද්දා පුවත්පත)