රටේ මතුව ඇති බරපතළ ප්‍රශ්න හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තුෂ්ණීම්භූතභාවය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මෙසේ නිහඩව සිටින්නේ නම් තව ටික දිනක් ගතවද්දී ජනතාව අගමැතිවරයාගෙන් ඈත්වී යනු ඇති බවත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

එමෙන්ම අනාගතයේදී රාජපක්ෂවරුන් ජනතාවගෙන් ඈත්වී යනු ඇති බවද උන්වහන්සේ කීහ.

අද වනවිට රටේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් කලකිරීමෙන් පසුවන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.