ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් ජනාධිපතිවරයා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බවයි.