දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සංධානය සමඟ පැවැත්වෙන පළමු හමුව මෙය බවයි පැවසෙන්නේ.

රැස්වීම හෙට සවස 4.00 ට ජනාධිපති මහලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහි දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.