ලංකා ගුරු සේවා සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් ලාල් ප්‍රේමනාත් සහ අයිතීන් උදෙසා කාන්තා‌‌වෝ සංවිධානයේ සභාපතිනි සරෝජා සාවිත්‍රී ‌පෝල්රාජ් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා මාතර නගරයේ ගුරු උද්ඝෝෂණයකදී නිරෝධායනය නීති උල්ලංඝණය කිරීමේ වරද හේතුවෙන්.

මීට පෙර අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණයේ නිරත ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර තිබුණා.