ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 90 දෙනෙකු අයත්.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.