ජාතික පුවත්පතක ආරක්ෂක තොරතුරු වාර්තාකරු ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් කොරෝනා ආසාදිතව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු රෝහලින් පැන ගොස් ඇති බව වාර්තාවේ.

මෙසේ පැන ගොස් ඇත්තේ කීර්ති වර්ණකුලසූරිය නැමති මාධ්‍යවේදියා නැමති මාධ්‍යවේදියා බවද තලංගම පොලීසිය පවසයි.

රෝහලින් පැන ගිය මාධ්‍යවේදියා ඔහුගේ නිවසට ගොස් ඇති අතර පොලීසියෙන් නිවසට පැමිණියත් දොරවල් වසාගෙන සැගව සිට ඇත. ඔහුගේ දුරකතනයට සහ නිවසේ දුරකතනයට ඇමතුම් ලබාදුන්නත්, නිවසේ දුරකතනයේ රැහැන් ඉවත් කර තිබූ බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලීසිය පසුව නිවසේ වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළුවී තිබේ. ඒ අවස්ථාවේ නිවසේ සැගව සිටි මාධ්‍යවේදියා අල්ලා ගැනීමට පොලීසියට හැකිවී ඇත.

මේ වන විට ඔහු නිවසේ තබා ඇති අතර නිරෝධායනය පනත යටතේ ඔහුට විරු්දධව නීතිමය පියවර ගැනීමට පොලීසිය සූදානමින් සිටී.