මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී මහතා තෙදින නිල සංචාරයක් සඳහා මහතා දින 03  සංචාරයක් සඳහා අද (20දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු පැමිණ සිටියි.

ඇතුළු දූත අද දහවල් 11.30ට මාලදිවයින, මාලේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

දූත පිරිස සිය සංචාරය නිමා කර 23 දා දින උදෑසන යළිත් පිටත්ව යෑමට නියමිතය.

මේ පිළිබඳව මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමට , කටුනායක ගුවන් තොටුපළ වෙත මාධ්‍යවේදීන් පැමිණ සිටියත් ඒ සඳහා අවසර හිමි නොවුණි.