දුමින්ද සිල්වාව මැරයෙක්ගේ තත්වයට පත්කිරීමට මූලික වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවක්ට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි දුමින්ද සිල්වා අවිස්සාවේල්ල ආසන සංවිධායක තනතුර දැරූ සමයේදී ඔහු මෙවැනි ප්‍රචණ්ඩකාරී ායෙකු නොවූ බවත් සිය සහෝදරයාගේ රූපවාහිනී නාලිකාව හරහා මහින්ද රාජපක්ෂ සමඟ ඇතිවූ දේශපාලන සම්බන්ධකම් මත ඔහු මැරවරයෙකු බවට පත් වූ බවයි ඇය පෙන්වා දෙන්නේ

සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුගේ බලතල ඉක්මවමින් අමාත්‍යවරයෙකුගේ බලතල හිමි අධීක්ෂණ මන්ත්‍රී ධූරයක් ලබාදෙමින් මැරයෙකු නිර්මාණය කළ බවත් අසීමිත බලතල ඇතිවිට ඕනෑම අයෙකු වැරදි ආකාරයට හැසිරීමට පෙළඹෙන බවත් හිටපු මන්ත්‍රීවරිය පවසනවා.

තමන්ගේ පියා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධව දුවෙකුට ඇතිවන වෛරය තමන්ටද තිබූ නමුත් කාලයත් සමඟ පරිණත වීම හේතුවෙන් සහ තමන් මවක් බවට පත්වීමත් සමඟ ඔහුට තමන් තව දුරටත් වෛර නොකරන නමුත් නිවැරදි පටිපාටියකින් තොරව දුමින්ද සිල්වා නිදහස් කිරීම හරහා සපයන වැරදි ආදර්ශය සම්බන්ධයෙන් තමන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකළ බවත් ඇය පවසා සිටිනවා.