රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිළධාරී මඩුල්ලට අදාල තනතුරු දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් මොරටුව දිසා අධිකරණය විසින් ඊයේ ( 22) නිකුත් කර තිබෙනවා.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් මොරටුව දිසා අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිළධාරීන් 19 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

අධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගයේ,

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ සහ නිලවරණ කමිටුවේ කටයුතු නතර කිරීම
  • අතුරු කමිටුවක් පත් කිරීමෙන් තොරව නිලවරණයක් නොපැවැත්වීම
  • පාදෙනිය පාර්ශ්වය විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ නාමයෝජනාව නැවත පිළිගැනීමට කටයුතු කිරීම
  • නිලවරණ කාර්ය පටිපාටියකින් තොරව නිලවරණයක් නොපැවත්වීම  යන කරුණුද ඇතුළත් කර තිබෙනවා