තෙල් මිල වැඩිකිරීම යනු ඉන්ධන අධි පරිභෝජනය වළක්වන එක් උපායමාර්ගයක් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමින්,

තෙල් මිල ඉහළ දැමීම ඉන්ධන භාවිතා කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා යොදා ගන්නා එක වෙළඳපල උපක්‍රමයක් බවත් ‘සලාක ක්‍රමය’ යනු ඒ සඳහා යොදාගත හැකි තවත් උපක්‍රමයක් බවත් අමාත්‍යවරයා පවසනවා.

තෙල් භාවිතා කරන ප්‍රමාණය සීමා කරමින් සලාක ක්‍රමයකට තෙල් නිකුත් කිරීම හරහා සුඛෝපභෝගී වාහ සහිත ධනවත් පිරිසගේ ඉන්ධන භාවිතය සීමා වන බවත් ඒ හරහා සාමාන්‍ය වාහන හිමියන්ට සිදුවන අසාධාරණය වැළකෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම මිල වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන්ම විවිධ මාත පළවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහත ප්‍රකාශ කළේ විවිධ දැක්මන් සහිත පාර්ශව සංධානගත වීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය ස්වාභාවය බවයි. කෙසේ නමුත් රජයක් ලෙස තනි මතයක සිට කටයුතු කිරීමට සියළු දෙනාගේ සහය ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මෙවැනි පිළිතුරු දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර ජලකප්පාදුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී මෙම අමාත්‍යවරයාම ප්‍රකාශ කර සිටියේ ජනතාව පැළ වලට වතුර දමන නිසා ජලය ජලය කප්පාදු කිරීමට සිදුවන බවත් ධනව්තුන්ගේ ජල පාරිභෝජනය සීම කළ යුතු බවත් ය.