සහතික මිලට ජනතාවට සහල් ලබාදීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ.

සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී අද (29) උදෑසන 9ට පමණ හාල්වල ගුල්ලන් සිටිනු දැක ගත හැකිව තිබිණ.

අනතුරුව එම කන්ටේනරය ඉවත් කළ බවත් එම සහල් අයිතිකරු විසින් තවත් කන්ටේනර් රථ 3ක් එවා තිබු බවත් සඳහන් කරයි.

පසුව ගබඩා සංකීර්ණයට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද අද දහවල් පැමිණ ඇත.

එහිදී එය වාර්තා කිරීමට ගිය වාර්තාකරුවන් ට ගුල්ලන් සහිත හාල් පරීක්ෂාවට ලක්කරන ආකාරය දැකගැනීමට හැකිවිය.