කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබේ.

මෙහිදී පනත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් නිර්මාණය වී තිබේ. එක් පිරිසක් පවසා ඇත්තේ පනත ඉදිරිපත් කළ යුතු බවයි. තවත් පිරිසක් එම මතයට විරුද්ධ වී තිබේ.