ආරක්ෂක හේතූන් මත රටින් පිටව ගොස් සිටින මාධ්‍යවේදී භාරත තෙන්නකෝන්ගේ පියාගෙන් පොලිස් නිලධාරීන් ඔහු පිළිබද තොරතුරු විමසා ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව ඔහු දැනට පදිංචිව සිටින රට, ඔහුගේ ලිපිනය ඇතුළු තොරතුරු විමසා තිබේ. මෙම තොරතුරු අවශ්‍යව ඇත්තේ කුමන හේතුවක් මතදැයි විමසූ විට, පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ කොළඹින් මෙම තොරතුරු ඉල්ලා ඇති නිසා අදාල තොරතුරු එක් රැුස් කරන බවය.

මේ ආකාරයට මිට පෙර අවස්ථා තුනකදී හෝ හතරකදී තමන්ගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් තමා පිළිබද තොරතුරු විමසා ඇති බවද ෆේස් බුක් සටහනක් තමින් භාරත තෙන්කෝන් සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට තවත් මාධ්‍යවේදියෙක්ගේ නිවසට ගිය පොලීසිය මේ ආකාරයෙන් තොරතුරු විමසා ඇති බවද අනාවරණය වේ.