බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑ පරිශ්‍රය වටා ලණු පැදුරු එළා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රුවන්වැලිසෑ මලුවේ දී අව් රශ්මියෙන් පා පතුල් පිලිස්සෙන අයට සහනයක් පතා මෙම සද්ක්‍රියාව සිදුකළ බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් රට වසා දමා ඇති බවත් ආගමික ස්ථාන මීට පෙර සිටම වසා දමා ඇති බවත් රජය නිවේදනය කර තිබුණා.

එමෙන්ම අමාත්‍යවරයාට මෙම ලණු පැදුරු එලීම සඳහා කිසියම් අනුග්‍රාහක භවතෙක් සිටියාද, ඒ සඳහා කොපමණ මුදලක් වැයවූවාද, එම පෞද්ගලික සද්ක්‍රියාව සිදුකිරීම සඳහා අමාත්‍යාංශයේ වාහන යොදාගත්තාද යන කරුණු සම්බන්ධයෙන් කිසිදු සටහනක් ඔහුගේ ට්විටර් පණිවුඩයේ සටහන්ව තිබුණේ නැහැ.