කොවිඩ් නොවන හේතු මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාපතිවරයා මෙම උපදෙස් දුන් බවයි.

කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇතැයි, එහිදී ප්‍රකාශ වි තිබේ.

ඒ අනුව මියගිය අයගේ පවුල්වල පිරිස් මුහුණ දෙන ආර්ථික සහ අනෙකුත් දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.