ලබන සිකුරාදා වන විට රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සඳුදා සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම වෘත්තීය සමිති එක් කරගනිමින් ස්වයං රට වසාදැමීමකට අවශ්‍ය කටයුතු කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.

ඒ අනුව විද්‍යාත්මක රට වැසීමකට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ අනුව මේ සිකුරාදා වන විට ඒ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවයි එහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සඳහන් කළේ.

එසේ නොමැති වුවහොත් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, වතු සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක් කර ගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ස්වයං රට වසා දැමීමකට යන බවයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.