‘විකෘති කර පළ කරන ලද’ දුරකතන සංවාදය තුළින් තමාට සිදු වූ අපකීර්තියට වන්දි ලෙස රුපියල් බිලියන 2ක මුදලක් වහා ම ගෙවිය යුතු බව පවසමින් හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එන්තරවාසි ලිපියක් යොමු කර තිබේ.

ඇය පැවසු‌වේ අදාල මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් වන්දි ඉල්ලා නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව නඩු පවරන බවය.  

නිශ්ශංක යාපා සේනාධිපති විසින් සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල ප්‍රචාරය කරන ලද දුරකතන සංවාදයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එලෙස වැඩ තහනමට ලක් කිරීම වැරදි බවත් ඒ හේතුවෙන් ඇය වහා ම නැවත සේවයේ පිහිටුවන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව නියෝග කර තිබිණි.