පසුගිය දා අයහපත් කාලගුණය සමග මතුවූ නායයෑමේ අවදානම හේතුවෙන් අයගම දුම්බර දෙමළ විද්‍යලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි පවුල් 27ක සාමාජිකයින් 64 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

අයගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ඊයේ (13) දිනයේ එම ආසාදිතයින් හඳුනාගත් බවය.

දුම්බර ග්‍රාම නිලධාරී වසමේ ඉකුත් 4 වෙනිදා මතුවූ නායයෑම් අවදානම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස 70ක පමණ පිරිසක් දුම්බර සිංහල විද්‍යාලය වෙත පැමිණ සිටියහ.