තමන් හා අ⁣ශොක් අබේසිංහ මීට දවස් දෙකකට පෙර පාඨලී චම්පික සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී සාමාන්‍ය පොදු දේශපාලන තීන්දු ගැනීම පිළිබද සාකච්ඡා වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරනවා.එමෙන්ම එම සාකච්ඡාව ඉතා සුහදව සිදු වූ බවත් අප හා පාඨලී චම්පික අතර කිසිම ප්‍රශ්නයක් නොමැති බවද සරත් ෆොන්සේකා අවධාරණය කළා.

අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේ සමඟි ජනබල⁣ය අතර කිසිම ප්‍රශ්නයක් නොමැති අතර පක්ෂයේ සියලුම දෙනා ඉතා සමගියෙන් ශක්තිමත්ව විපක්ෂයේ කාර්යය භාර්යය ඉටු කරන බවය.

>