මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  අරවින්ද සෙනරත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩ සලසාදීමට මෙම තීරණය ගත් බවයි.