ශ්‍රී ලංකාවේ දෛනික මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා යෑමට පෙර දැන්ම රට වසා දැමිය යුතු බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

 ගෝඨාභය, දැන්ම රට වහන්න! දිනක මරණ ඉලක්කම් තුනෙන් නවතා ගමු.ඔබේ උද්දච්ච ක්‍රියා කලාපය නිසා ඩෙල්ටා ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස ගිල ගෙන තිබෙනවා. සැප්තැම්බරයේ දිනකට ඉලක්‌කම් 4ක මරණ රට නොවැසීමේ ප්‍රතිපල මත අත්විඳිය හැකි බව වෛද්‍ය විශේෂඥන් අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා අවම සති දෙකකටවත් වහාම රට වසා දමන ලෙස ඔහු පැවැසීය.

ෆයිසර් හා මොඩෙර්නා වැනි ශක්තිමත් එන්නතක් තෙවැනි මාත්‍රාව ලෙස ජනතාවට ලබාය දිය යුතුව ඇති බවත් ඔහු පවසයි.