ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබේ.

අදාළ රටවල් වන්නේ බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානයයි.

ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ අදාළ රටවලින් කිසිදු පුද්ගලයෙකුට මෙරටට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇති.

කෙසේ වෙතත් අතරමැදි ගුවන් ගමන් සඳහා එම රටවලින් පැමිණෙන මගීන්ට මෙය බල නොපාන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.