වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා

දිනපතා පළවන පුවත්පතකට පුවක් වගාකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ පුවක් අස්වැන්න අඩුවී තිබෙන බවත් ඒ අනුව පුවක් මිල ඉහළ ගොස් ඇති බවත්ය.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල පුවක් ගෙඩියක මිල රුපියල් 15 සිට රුපියල් 20 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන අතර පුවක් මිල ඉහළයෑම හේතු කොට ගෙන බුලත් විටක මිලද ඉහළ ගොස් තිබෙනවා

මැද දුම්බර, කුණ්ඩසාලේ, පන්විල යන ප්‍රදේශවල පුවක් වැඩි වශයෙන් වගා කරන අතර පැවැති කාලගුණ තත්ත්වයද පුවක් අස්වැන්න අඩුවීමට හේතුවක්වී ඇති බවයි වාර්තා වන්නේ