මහර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීමත් සමග ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි

අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා