පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට හා මාදිවෙන මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නිවාස 200ක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

යෝජාති ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තු නිර්දේශ ලබාගෙන නොමැති වීම හේතුවෙන් එම යෝජනාව සංශෝධනය කර නව සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් උක්ත නිර්දේශ ලබාදී ඇත.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගැනීමේ පසුව එම නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය නම් නව සංදේශයක් ඉදිරිපත් කළ හැකි බවද කාරක සභාව නිර්දේශ කර තිබේ.

උපුටා ගැනීම – අද පුවත්පත