නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් මගියකුගේ ගමන් මල්ලක සඟවා තිබූ ඉතා දුර්ලභ Vallarta mud turtles වර්ගයේ කැස්බෑවන් 26 දෙනකු රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව BBC ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝවේ සිට ඇම්ස්ටර්ඩෑම් හරහා හොංකොං බලා ගමන් කරමින් සිටි පුද්ගලයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මෙම කැස්බෑවන් උපරිම වශයෙන් සෙන්ටිමීටර් 10ක් පමණ දිගින් යුතු වන අතර, ලොව කුඩාම මිරිදිය කැස්බෑ විශේෂය ලෙස සැලකේ.

කැස්බෑවන්ට චලනය වීමට නොහැකි වන පරිදි ඇලවුම් පටිවලින් ඔතා තිබූ බව නෙදර්ලන්ත ආහාර හා පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා අධිකාරිය සඳහන් කරයි. වැඩි පිරිසක් සෙල්ලම් මෝටර් රථයක් සහිත පෙට්ටියක සඟවා තිබී ඇති අතර, සෙසු කැස්බෑවන් ගමන් මල්ලක් තුළ තිබූ මේස් එකක සඟවා තිබූ බව වාර්තා වේ.

මෙම සතුන් මෙක්සිකෝවේ ස්වභාවික වාසස්ථානවලින් නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන ඇති බවට සැක පළ කෙරේ. මුදා ගත් කැස්බෑවන් මේ වන විට විශේෂිත සත්ත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක රැකවරණය යටතේ පසුවන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

2025 වසරේදී Turtle Island නමැති අමෙරිකානු රාජ්‍ය නොවන සංවිCursor පරිසරයේ ජීවත් වන බව ඇස්තමේන්තු කර තිබුණි.