විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් නොවැම්බර් 25 වැනිදා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබී නැති බව පවසමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මෙම ක්‍රියාමාර්ගය දැනුම් දී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ ලිපියකින් කමිටුව සඳහන් කර ඇත්තේ මීට පෙර ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලැබී නැති බවයි.

දෙසැම්බර් 1 සහ 2 යන දින දෙකේදී ද සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කමිටුව දැනුම් දී තිබේ.