ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කර ඔවුන්ගේ ගැටළු විසඳීමට කටයුතු කරන බවත්ය.

වත්මන් රජය යුද්ධයක් නැති සාමය සහ සමගිය ගොඩනැගීමට කැපවී ඇති බවත්, යුද්ධ සමයේ ආරක්ෂක අංශය වෙත පවරාගත් ඉඩම් ජනතාවට යළි ලබාදෙන බවත්, රටේ මුහුද, දූපත් හා ගොඩබිම ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරන බවත් ඔහු අවධාරණය කළේය.