යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 22 දාට කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

චෝදනා වනුයේ රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගැනීම පිළිබඳවය.

නඩුවට අදාළ වෝහාරික විගණන වාර්තාවක් සහ තොරතුරු අඩංගු සංග්‍රහණ උපකරණ පරීක්ෂා කිරීමට නීතිඥවරයෝ ඉල්ලීම් කළ අතර, ඒ සඳහා අධිකරණයෙන් අවසර හිමිවී ඇත.