මහින්ද දේශප්‍රිය

පළපුරුද්ද නැහැ කියලා විවාහ වෙන්න කලින් යමෙක් ගිහිල්ලා පළපුරුද්ද ඇති කරගන්න ඕනෙද? මම දන්නේ නැහැ කවුද ඔය මතය ගේන්නේ කියලා. ඕනම දෙයක් තරුණයන්ට, යෞවනයන්ට, ආධුනිකයන්ට කරන්න පුළුවන්. හැබැයි ආපු අය පරණ අයගේ නරක දේවල් කරන්න යන්නැතුව ඒ අය කරපු හොඳ දේවල් ගන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත්, විජිත හේරත් අමාත් යවරයාත්, හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියත් තිදෙනාම පාර්ලිමේන්තුවේ හිටපු අය. ඒ වගේම දිස්ත්‍රික්ක කිහිපයකින් පාර්ලිමේන්තුවේ හිටපු අත්දැකීම් තියෙන අය එනවා. ඒ අයට පුළුවන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන නීති සකස් කිරීම මොනවද? කළ යුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක්ද? ගැන නිලධාරීන්ට අමතරව මොවුන්ට වැඩපිළිවෙලක් කියලා දෙන්න.

අලුත් මුහුණු ගැන මහින්ද කියපු කතාව.