ඩකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරුණු බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ්අල් හසන්ට තරග 03 ක තහනමක් පනවා තිබෙනවා. ඔහුට අමෙරිකානු ඩොලර් 5,800 ක දඩයක් ද නියම කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඔහුට නියම කර ඇති දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 11 කට අධිකයි.
අදාල තරගයේදී විනිසුරු තීරණයකට එරෙහිව ආවේගශීලීව හැසිරෙන ශකිබ්අල් හසන් පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට පා පහරක් එල්ල කරමින් එය බිද දමන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා. අනතුරුව තවත් අවස්ථාවකදී කෝපයට පත් වූ ශකීබ්අල් හසන් පන්දු යැවීමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි 03 ම ගලවා විසි කරන අයුරු දක්නට ලැබුනු අතර එහිදී ඔහු විනිසුරු සමග උණුසුම් වචන හුවමාරුවකද නිරත වුණා.
බංග්ලාදේශ කණ්ඩයමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙලෙස ආවේගශීලීව හැසිරීම ක්‍රීකට් විචාරකයිනගේද දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ශකිබ්අල් හසන් මීට පෙර අවස්ථාවකදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයකින් අනතුරුව කෝපයට පත්ව ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු ද කඩා බිද දමා තිබුණා