ඉන්ධන මිල ඉහළ දැමුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතියට යටත්ව බව බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවද අනුමැතිය ලබාදී තිබූ බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ නිවේදනය කළේ තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂ්‍ය භාර අමාත්‍ය උදය ගම්මන්පිල සෘජුව ඊට වගකිව යුතු බවයි. මෙවැනි තත්ත්වයක් උද්ගතවීම පිළිබදව සම්පූර්ණ වගකීම භාරගෙන උයද ගම්මන්පිල සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අසි විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මත අතිරේක පීඩනයක් ඇති නොකළ යුතු බවත් තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය වෙනස් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සදහන්. සිය පක්‍ෂයේ සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම සදහා මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන්නේ දැයි සාධාරණ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඊයේ නිකුත් කළ එම නිවේදනයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද දිනයේදී පිළිතුරු ලබා දීමට නියමිතව තිබෙනවා. සිය අමාත්‍යාංශයේ අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී තමන් ඊට ප්‍රතිචාර දක්වන බවයි අමාත්‍ය උද‌ය ගම්මන්පිල සදහන් කළේය.