චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන 2ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් දන්වයි.

එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලකි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බව එම පණිවුඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතුකර තිබේ.