බිමල් රත්නායක.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසුත් විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරන බවයි. කන්ටේනර් නවතා නොගැනීම ගැටලු සහගත බවත්, රේගුව සහ පොලීසියෙහි වත්මන් ආණ්ඩුව පත් කළ නිලධාරීන් නොමැති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේදී සහ වෙනත් අවස්ථාවලදී, පොලීසිය, හමුදාව සහ විවිධ ආයතනවලට අපරාධකරුවන් රිංගා ඇති බව පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2029 වසරේ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තයේදැයි ගැටලුවක් මතුවන බවද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.