යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ තීරයේදී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරන ලදී. අද (27) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් පමණ ඇතුළත්...

