බන්ධනාගාර කිහිපයකින් මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයන් එක දිගට මතුවන රැල්ලක් බවට පත්ව ඇති බව සිවිල් ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහතා ප්‍රකාශ කරන ලදී. ඔහු පෙන්වා දෙනු ලැබුයේ මෙම තත්ත්වය ඉදිරියේදී කුමන දිශාවකට ගමන් කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් අවම කිරීම...

