2026 වසරේ පළමු දින 08 තුළ 67,762 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, එම දින 08 තුළ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 06 වන දින වාර්තා වී ඇති අතර, එදින සංචාරකයින් 9,275 ක් මෙරටට පැමිණ ඇත.
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව යන රටවලින් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම අදාළ වාර්තාව පහතින්.