දිවයින පුරා ඇති බන්ධනාගාර සඳහා CID කණ්ඩායම් 28ක් !

දිවයින පුරා ඇති බන්ධනාගාරවල ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායම් 28ක් යොමුකර ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම් යොමුකර ඇත්තේ, ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ දැනට නිදහස් කර ඇති රැඳවියන්ට අදාළව මෙන්ම තවමත් නිදහස් නොකළ රැඳවියන් සම්බන්ධයෙන්ද ලේඛන පරීක්ෂා කිරීම සිදුකරන බව සඳහන් වේ.