දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් කිරීමට නියෝග. – 19.06.2025

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. 'හැව්ලොක් සිටි' නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.