GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි. – 29.06.2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත. ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය. එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.