හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගෙ අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
2014 වසරේදී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායී මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැය කර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින්, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව, තම හිතවතුන්ට හා ආධාරකරුවන්ට බෙදාහැරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට චෝදනා එල්ල වී තිබුණා.
