දේවිකා කොඩිතුවක්කු – පවුල් සෞඛ්‍ය සේවා සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසා සිටියේ අද උදෑසන අටෙන් අවසන් වූ සෞඛ්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් මොන ආකාරයට ද ප්‍රකාශයට පත්වෙන්නේ යන කාරණය පිළිබඳව වෘතීය සමිති සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකරාශී වී සාකච්ඡා කළ බවත්. පසුගිය දින දෙකේ ප්‍රකාශයට පත්කරන ලද වෘතීය සමිති ක්‍රියාදාමය තුළ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග කරන ලද සාකච්ඡාවන්වල සාධනීය ප්‍රතිචාරයක් මේ වන විටත් පෙනෙන්නට නැති බවත්. සෞඛ්‍ය සේවාව තුළ සිටින සියලුම සෞඛ්‍ය සේවකයන් මේ වන විට කැළඹිල්ලකට පත්ව ඇති අතර එක් පාර්ශවයක්ට පමණක් මෙම දීමනාව වැඩි කිරීම අසාධාරණ බවත් හැකිතාක් ඉක්මනින් මෙම අරගලය නතර කිරීම සඳහා අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් දීමනා ව ලබාදෙන ලෙසත්. එයට යහපත් ප්‍රතිචාරයක් අද වනතෙක් නොමැති නිසාවෙන් වෘතීය සමිති 72 ලබන අඟහරුවාදා සිට දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>