මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ මේ සඳුදා සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි ඉංජිනේරු සංගමය,ජල සම්පාදන මණ්ඩලය හා සියලුම වෘත්තීය සමීති එක් වී රට තුළ දැවැන්ත වෘත්තීය සමීති ක්‍රියාමාර්ග ආරම්භ කර ගෙනයන බවයි. මෙම වැඩ වර්ජනයේදී රටේ ජනතාව යම් ගැටලු වලට පත්විය හැකි වූවද දැනට රෝහල් වල ඖෂධ පමණක් හිඟ වූවාට නොබෝ දිනකින් රෝහලේ වෛද්‍යවරුන් නැති විය හැකි බවත් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් නැති විය හැකි බවත් පැවසූ එම මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙම තත්වය රටට දීර්ඝ කාලීනව ඉතා බරපතල ලෙස බලපෑ හැකි බැවින් රටේ පුරවැසියන් ලෙසට මෙම ගැටලු විසදෙන තුරු වැඩ වර්ජනය අඛන්ඩව කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>