ජනපති රනිල් වික්‍රමසිංහ

අද මෙම ස්ථානයේ පොහොට්ටුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වෙලා ඉන්නවා. අපිට එක පක්ෂයක් නෑ. විවිධ පක්ෂවලින් අපි එන්නේ.

ඒ නිසා අපි අලුත් දේශපාලනයක් පටන් අරගෙන තිබෙනවා. පක්ෂ භේද නැතුව අපි ඔක්කොම ඉදිරියට යමු කියලා මම කියනවා. මං විපක්ෂයේ නායකවරුන්ට කියනවා අපි එක්ක එකතු වෙන්න කියලා. ආණ්ඩුවේ සිටින සියලුදෙනා සමග කතා කරලා, පාර්ලිමේන්තු ඡන්දයට කුමක්ද කරන්නේ කියලා තීරණය කරමු. ඒ තීරණයට අනුව බැඳිලා ඉන්න මමත් ලෑස්තියි. මේ කාලයේ වින්ද දුක ගැන මම කණගාටු වෙනවා. දෙවනුව අපි ගත්ත පියවර ආරක්ෂා කරන්න හැම කෙනාටම එකතු වෙන්න කියලා මං කියනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>