සමගි ජනබලවේගයේ නයනක රංවැල්ල මහතා.

මන්නාරමේ හුළං බලාගාරය ඉදි කරන්න හදන තැන ඉතාම විශිෂ්ට සංචාරක පක්ෂීන් ලංකාවට ඇතුල් වෙන ප්‍රදේශයක්. මිලියන පහළොවක් කුරුල්ලෝ එන තැන තමයි ඉදිරියේදී මේ හුළං බලාගාරය ඉදිවෙන්නේ. ස්ථිර වශයෙන්ම අපි උපකල්පනය කරනවා. මිලියනයක් කුරුල්ලෝ මේ බලාගාරවල වැදිලා මිය යයි කියලා.

ජනාධිපතිතුමා පහුගිය දවස්වල ගිහිල්ලා දේශගුණ විපර්යාස කමිටුවේ ලංකාවේ පරිසර සංරක්ෂණය ගැන කයිවාරු ගැහුවා. එතුමාට අපි මතක් කරනවා, ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙන එන සංචාරක කර්මාන්තයේ කුරුල්ලෝ බලන්න එන සංචාරකයින්ව කඩා වට්ටන මේ බලාගාරය නිසි තැනක ඉදි කරන්න. මෙතන ඒකට නුසුදුසු කලාපයක්.

මන්නාරමේ ඉදිකිරීමට නියමිත හුළං බලාගාරය පිළිබඳව නයනක රංවැල්ල මහතා මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>