සැප්තැම්බර් මස පළමු දින 12 තුළ සංචාරකයින් 62,741 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,788,235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කරයි.
වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව යන රටවලින් පැමිණ ඇති බවයි දැක්වෙන්නේ.



