මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්

“ලෝක කතෝලික සභාවේ දෘශ්‍යමාන නායකයාණන් වන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව අසා අපි සියලු දෙනාම මහත් සේ ශෝකයටත් කම්පනයටත් පාත්‍ර වුණා. පාස්කු ප්‍රහාරය දැනගත්තු උන්වහන්සේ රෝමයේ වතිකානුවේ පවත්වන ලද දේව මෙහෙය අවසානයේදී ලෝකයටම තමන් වහන්සේගේ පණිවිඩය ලබා දීමේදී පළමුවෙන්ම කතා කළේ ශ්‍රී ලංකාවේ සිදු වෙච්ච මේ අකරතැබ්බය පිළිබඳවයි. උන්වහන්සේගේ ශෝකය, කණගාටුව අපට ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ අපිට විවිධාකාරයෙන් ආධාර උපකාර කළා. මේ වගේ ලොකු ආදරයක් අපගේ රට කෙරෙහි උන්වහන්සේගේ සිත තුල තිබුණා. අපි මේ අවස්ථාවේදී ශුද්ධෝත්තම පාප් වහන්සේට උන්වහන්සේ ස්වර්ගස්ථ වීම තුළ ස්වර්ගීය දෙවි පියාණන්ගේ නිවහනට පිළිගනු ලැබ උන්වහන්සේ විශ්ව සභාවට කළ සේවයට ප්‍රතිචාර වෙමින් උන්වහන්සේට ශුද්ධත්වයේ ශාන්තුවර ජීවිතයේ ශක්තිය අත් දකින්නට එය අප සියලු දෙනා වෙනුවෙන් මැදහත්කරුවෙකු ලෙස පෙනී සිටින්නට පිළිගැනීමක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.”

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ගැන දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>